කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය(DRC)ට පනවා ඇති අවි තහනම ඉවත් කරන ලෙස චීනය ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලයි
2022-12-10 15:35:28
Share with:

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය(DRC)ට පනවා ඇති අවි තහනම ඉවත් කරන ලෙස චීනය ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත GengShuang මහතා ඊයේ (9) වැනිදා ආරක්ෂක මණ්ඩලයේ පැවති රැස්වීමකදී දේශනයක් පවත්වමින් මේ බව පැවසීය.

කොංගෝ හි ආරක්ෂක හමුදාවන්ට වඩා දියුණු ආයුධ M23 නැමැති සන්නද්ධ කණ්ඩායම සතුව ඇති බව විවිධ මූලාශ්‍රවලින් ලැබෙන වාර්තාවන්ට අනුව දැනගන්නට ලැබී ඇත. මේ අනුව සම්බාධක යාන්ත්‍රණයක් පිහිටුවීමේ ආරක්ෂක මණ්ඩලයේ මුල් අභිප්‍රායට පටහැනිව, ආරක්ෂක මණ්ඩලය විසින් පනවන ලද අවි සම්බාධක කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආරක්ෂාවට සෘණාත්මක බලපෑමක් එක් කරන බව GengShuang මහතා සඳහන් කළේය.

එම රටේ සියලුම තරාතිරම්වල සමාජ ක්‍ෂේත්‍ර මෑතදී නැවත වරක් ආරක්ෂක මණ්ඩලයෙන් රටට එරෙහිව පනවා ඇති අවි තහනම ඉවත් කරන ලෙස දැඩි ලෙස ඉල්ලා තිබේ.

කොංගෝ රජයට ආයුධ ආනයනය සඳහා ඇති අවශ්‍යතාවන් ආරක්ෂක මණ්ඩලයට වාර්තා කිරීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට චීනයේ සහාය පළවන බවද GengShuang මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම