ලබන වසරේ අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මතයි
2022-12-09 16:27:49
Share with:

2023 වසර සඳහා වූ  රජයේ අයවැය ලේඛනය (අයවැය විසර්ජන පනත් කෙටුම්පත) පාර්ලිමේන්තුවේදී ඊයේ (8) වැඩි ඡන්ද 43 කින් සම්මත වෙයි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  80 ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු  දෙදෙනෙක්  ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම