සහල් ආනයනය අත්හිටුවයි
2022-12-09 16:26:51
Share with:

සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත. 

2021 වසරේ මහ කන්නයේ වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළවීම හේතුවෙන් සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි. ඊට වැය කර ඇති මුදල රු.මිලියන 73,627කි.  

කෙසේ වෙතත් පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබී තිබේ. මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් හෙක්ටයාර් 675,600ක් පමණ වගා කිරීමට ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම