චීන-ඊජිප්තු ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-12-09 17:12:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි මහතා හමු වෙති. එම හමුව ඊයේ (8) රියාද් හිදී පැවැත්විණ. 

ඊජිප්තුව තම රටට සුදුසු සංවර්ධන මාවත ඔස්සේ ගමන් කිරීමත්, රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධන ප්‍රතිලාභ ආරක්ෂා කිරීමත් වෙනුවෙන් චීනය දැඩිව සහාය වන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. එරට සමඟ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් වේදිකාවල සහයෝගතා හා සැබෑ බහුපාර්ශ්වවාදය ප්‍රවර්ධනය කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීමටත්, චීනය ඊජිප්තුව සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

චීනය වැනි විශිෂ්ඨ මිත්‍රයෙක් සිටීම පිළිබඳව තමා සතුටට පත් වන බව අබ්දුල් ෆටා අල් සිසි මහතා සඳහන් කළේය. ද්විපාර්ශ්වික විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට ඊජිප්තුව බලාපොරොත්තු වෙයි. එකම චීනය මූලධර්මය හා හොංකොං, ෂින්ජ්‍යං පිළිබඳ කරුණුවල චීනයේ ස්ථාවරය ඊජිප්තුව ස්ථීර ලෙස අනුගමනය කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

අද (9) උදේවරුවේ ෂී ජින් පිං මහතා, රියාද් හිදී ඉරාක අගමැති Mohammed Shia al-Sudani හා ටියුනීසියානු ජනාධිපති Kais Saied යන මහත්වරුන් ද හමු විය. 


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම