චීනයේ Gaofen 5-1A චන්ද්‍රිකාව සාර්ථකව දියත් කෙරේ
2022-12-09 11:07:50
Share with:

චීනයේ Long March අංක 2D ප්‍රවාහන රොකට්ටුව අද(9) බෙයිජිං වේලාවෙන් පෙ.ව.2:31ට Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව දියත් කරන ලදී.

Gaofen 5-1A චන්ද්‍රිකාව මෙමගින් නියමිත කක්ෂයට සාර්ථකව යවන ලද අතර, මෙම දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක විය.

මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් පරිසර දූෂණය අවම කිරීම, පාරිසරික තත්ත්ව අධීක්ෂණය, වායුගෝලීය සංයුතිය නිරීක්ෂණය කිරීම, ස්වභාවික සම්පත් පිළිබඳ සමීක්ෂණය, දේශගුණික විපර්යාස පර්යේෂණ කිරීම වැනි ප්‍රධාන අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම චන්ද්‍රිකාව රටේ පාරිසරික ආරක්ෂාව, ඉඩම්, කාලගුණ විද්‍යාව, කෘෂිකර්මය, ආපදා අවම කිරීම, ජල සංරක්ෂණය, වන විද්‍යාව, සාගර, මැනුම් සහ සිතියම්කරණය යන දෙපාර්තමේන්තු හෝ ක්ෂේත්‍ර සඳහා ද දත්ත සේවා සහාය සපයයි.

Long March ප්‍රවාහන රොකට්ටු මාලාව සිදු කළ 453 වන ගුවන් මෙහෙයුම මෙයයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම