චීන ජනපති හා සෝමාලියා ජනපති අතර හමුවක්
2022-12-09 19:21:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෝමාලියා ජනාධිපති Hassan Sheikh Mohamud මහතා හමු වේ.

එම හමුව අද(9) පස්වරුවේ ‍සෞදි අරාබියේ රියාද් අගනගරයේ දී පැවැත්විණ.

සෝමාලියාව සමග අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කිරීමට කැමති චීනය, එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන් හා වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීමට බලාපොරොත්තු වන බව එහිදී ෂී ජින්පිං මහතා පැවසීය. සෝමාලියාවේ යළි ගොඩනැගීම හා ආර්ථික සමාජයීය සංවර්ධනය වෙනුවෙන් හැකි පමණින් සහායවීමට චීනය කැමැත්තෙන් සිටියි. කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය යනාදී ක‍්ෂේත්‍රවල ‍සෝමාලියාව සමග සහයෝගතා ආරම්භ කිරීමට දෙරටේ ව්‍යාපාර දිරිගැන්වේ. සෝමාලියාවේ ත්‍රස්තවාදී මර්දන හැකියාව ඉහල නංවාලීමට චීනය අනුබල දක්වන බව ද ඔහු සඳහන් කළේය.

සෝමාලියාවේ දීර්ඝතම අධිවේගී මහා මාර්ගය හා ඇතැම් රෝහල් ඇතුළු වැදගත් යටිතල පහසුකම් සංවර්ධනයට චීනය සහයෝගතාවෙන් කටයුතු කළ බව සෝමාලියානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබා ගැනීම තම අපේක්ෂාවක් බව ද ඔහු කීය. සෝමාලියාව එකම චීනය මූලධර්මය ස්ථිරව අනුගමනය කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම