චීන- සෞදි අරාබි මාධ්‍ය සහයෝගතාවට නව ප්‍රගතියක්
2022-12-09 16:12:31
Share with:

චීන මාධ්‍ය සමූහය හා සෞදි අරාබි මධ්‍යම ගුවන් විදුලි හා රූපවාහිනී පරිපාලනය අතර සහයෝගතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන අතරතුර එම ගිවිසුමට අත්සන් තැබිණ. රියාද්හි පැවැත්වෙන පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට සමගාමීව මෙය සිදු විය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා හා සෞදි අරාබි නියෝජ්‍ය ප්‍රවෘත්ති අමාත්‍යවරයා, මධ්‍යම ගුවන් විදුලි හා රූපවාහිනී පරිපාලනයේ පාලන කමිටු සභාපතිවරයා ගිවිසුමට අත්සන් තැබූහ. එය ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සෞදි අරාබි සංචාරයේ වැදගත් ද්විපාර්ශ්වීය සහයෝගතා ප්‍රතිඵලයන්ට ඇතුලත් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම