මැන්ඩවුස් සුළි කුණාටුව ගමන් කරන ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය වලංගු බව එම නිවේදනයේ දැක්වේ.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ සුළි කුණාටු තත්වයත් සමග මුහුද රළු වීමෙන් ත්‍රිකුණාමල මුහුදු තීරයේ ස්ථාන කිහිපයක සිදුවූ මුහුදු ඛාදනයෙන් නිවාස කිහිපයක් හා තාවකාලික ස්ථාන රැසකට හානි සිදුවී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ද එම ආයතනය පවසයි.
ඊයේ(08) දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 – 200 ත් අතර අගයක් දක්වා ඉහළ ගිය අතර සාපේක්ෂව මේ වනවිට වායු දූෂණ මට්ටම 75 % කින් පමණ අවම වී ඇති බව ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.