චීන ජනාධිපතිවරයා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායකයින්ගේ සමුළුවේ දේශනයක් පවත්වයි
2022-12-09 23:50:22
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායකයින්ගේ සමුළුවට එක්වෙමින් දේශනයක් පවත්වයි.

එම සමුළුව අද(9) පස්වරුවේ සෞදි අරාබියේ රියාද් අගනගරයේ පිහිටි King Abdul Aziz ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, සෞදි අරාබි අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු, කටාර්හි Tamim Bin Hamad Al Thani රජු,   Bahrain රාජ්‍යයේ  Sheikh Hamad Bin Isa al-Khalifa රජු, කුවේට් රාජ්‍යයේ ඔටුන්න හිමි Mishal Al-Ahmad Al-Sabah කුමරු, Oman උප අගමැතිවරයා ඇතුළු රාජ්‍යයන්හි නායකයෝ මෙන්ම ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ ප්‍රධාන ලේකම් NayefFalah Mubarak Al-Hajraf මහතා ද එම සමුළුවට එක්වූහ.

චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය උපාය මාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කරන බවට එම සමුළුව තීරණය කර ඇත.

‘අතීත උරුමයෙන් අනාගතය නිර්මාණය කිරීම-- චීන ගල්ෆ් අරාබි රාජ්‍ය සම්බන්ධතාවයේ සුන්දර අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම’ මැයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් පැවැත්වීය.

ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලය ස්ථාපිත වී ගත වූ දශක හතරක් පමණ තුළ, දෙපාර්ශ්වයේ සම්බන්ධතාවය කැපී පෙනෙන ලෙස අඛණ්ඩව වර්ධනය වී තිබේ. ඊට හේතු වන්නේ, ස්ථිර අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය වාසි හිමි වන සංවර්ධනය, ජනතාව අතර මනා අවබෝධය හා සැප දුක දෙකේදීම අත්වැල් බැඳ ගෙන ඉදිරියට යාමට හැකි වීම බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.

එසේ ම සමගිය තහවුරු කරමින්, පොදු සංවර්ධනය, ආරක්ෂාව සුරැකීම, එකිනෙකාගේ ශිෂ්ටාචාරාත්මක සමෘද්ධියට දායකවීම පිළිබඳ ද්විපාර්ශ්වික හවුල්කාරී සම්බන්ධතාවයක් ගොඩනැගීමට චීනය අපේක්ෂා කරයි.

ඒ සඳහා බලශක්තිය, මූල්‍ය සේවාව හා ආයෝජනය, අබිනව විද්‍යා තාක්ෂණය, අභ්‍යවකාශය, භාෂා හා සංස්කෘතිය යනාදී ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වයට එක්ව කටයුතු කිරීමට හැකි වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම සමුළුවෙන් ‘චීන හා ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ ඒකාබද්ධ නිවේදනය’ පළ කෙරිණ. දෙපාර්ශ්වයේ ‘උපාය මාර්ගික සංවාදය පිළිබඳ වසර 2023-2027 ක්‍රියා සැලැස්ම’ එහිදී අනුමත කර ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම