ජෛව විවිධත්වය සුරැකීමට චීනයෙන් "පාරිසරික ආරක්ෂණ රතු රේඛාව" ක්
2022-12-09 10:24:21
Share with:

"පාරිසරික ආරක්ෂණ රතු රේඛාව" නමැති පද්ධතිය ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මන්ත්‍රණයේ දී චීනයේ සැලැස්ම සපයයි.

පාරිසරික ආරක්ෂණ රතු රේඛාව යනු, චීනයේ පාරිසරික ආරක්ෂාව සඳහා වැදගත් ආයතනික නවෝත්පාදනයක් වන අතර, එය නව යුගයේ සහ නව තත්ත්වය යටතේ පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා ප්‍රධාන තීරණ ගැනීමේ විධිවිධානයක් ද වේ.

කැනඩාවේ මොන්ට්‍රියල් හි ඊයේ (8) පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණයේ (COP15) දෙවන අදිය‌රේ දී, චීන පරිසර අමාත්‍යාංශය විසින්  "චයිනා කෝනර්" නමින් සුවිශේෂ ස්ථානයක් ද නම්කෙරිණ. අනතුරුව ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා චීන සැලැස්මක් සපයමින් "පාරිසරික ආරක්ෂණ රතු රේඛාව" යන තේමාවෙන් අතුරු රැස්වීමක් පවත්වනු ලැබීය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම