චීන-සෞදි අරාබි අන්තර් දේශසීමා RMB ගණුදෙණු සාර්ථකව ඇරඹේ
2022-12-09 18:34:51
Share with:

චීනය සහ සෞදි අරාබිය අතර ප්‍රථම අන්තර් දේශසීමා  RMB ගණුදෙණු සාර්ථකව සම්පූර්ණ කෙරේ. 

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය.

RMB මගින් අන්තර් දේශසීමා ගෙවීම් භාවිතය චීන සෞදි අරාබිය අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය පෙන්වා දුන්නාය. එය චීනය සහ අරාබි රටවල් අතර වෙළඳ සහ ආයෝජන පහසුකරණයේ විචිත්‍රවත් ආදර්ශණයක් බව ද ඇය සඳහන් කළාය.

මාධ්‍ය වාර්තාවට අනුව, පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුව ආරම්භ කිරීමට පෙර "ලෝක සුපිරි වෙළඳසැල" ලෙස හැඳින්වෙන චීනයේ Yiwu නගරය සහ සෞදි අරාබි රජය අතර පළමු අන්තර් දේශසීමා RMB ගෙවීම සාර්ථකව සම්පූර්ණ කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම