ලොව ප්‍රථම C919 මගී ගුවන් යානාව China Eastern ගුවන් සමාගමට
2022-12-09 12:24:50
Share with:

ලොව ප්‍රථම C919 මගී ගුවන් යානාව China Eastern ගුවන් සමාගමට නිල වශයෙන් භාර දෙනු ලබයි. භාරදීම අද(09) පෙරවරුවේ සිදු කෙරිණි.

චීන වාණිජ්‍ය ගුවන් යානා සමාගම, China Eastern ගුවන් සමාගමට ‘ C919 ලොව ප්‍රථම මගී ගුවන් යානයේ සැමරුම් යතුර ’ භාර දෙමින් ගුවන් යානා අලෙවි සහතිකය ද පිරිනැමීය. චීන සිවිල් ගුවන් පරිපාලනය China Eastern ගුවන් සමාගමට ජාතික ලියාපදිංචි කිරීමේ සහතිකය, ගුවන් යානා යෝග්‍යතා සහතිකය හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ බලපත්‍රය ද පිරිනමා ඇත.

C919 යනු Shanghai Y-10ට පසුව චීනයේ ප්‍රථම සහ විශාල පරිමාණයේ මගී ගුවන් යානාවයි. මෙම C919 යානය, ගුවන් සමාගමකට භාරදීමෙන් පසු, ඒ සඳහා චීන සිවිල් ගුවන් පරිපාලනය  විසින් පිරිනමන යෝග්‍යතා සහතිකය ද ලැබීමෙන් පසු, එය චීනයේ මහා පරිමාණ ගුවන් යානා ව්‍යාපාරයේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් වනු ඇත. එමෙන්ම මෙය යුග ගණනාවක පොදු ප්‍රයත්නයකි. චීනයේ සිවිල් ගුවන් සේවයේ ප්‍රවාහන වෙළඳපොළට ස්වයං පර්යේෂණ හරහා සංවර්ධනය කරන ලද ජෙට් ට්‍රන්ක් ගුවන් යානා ද පවතී.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම