චීන - අරාබි සබඳතාවයේ අමිල විශ්වසනීයත්වය
2022-12-09 16:08:04
Share with:

සෞදි අරාබියේ  Salman bin Abdul Aziz Al Saud රජු ගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරටට පැමිණියේ 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රියාද් අගනුවර  පැවැත්වෙන පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට සහභාගි වීම සඳහා යි. සමුළුවට සමගාමීව ඔහු සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට ද නිය‍මිත ය.


මෙම රාජ්‍යතාන්‍ත්‍රික මෙහෙයුම්, ෂී ජින්පිං ජනාධිපතිවරයා 2016 වසරින් පසුව සෞදි අරාබියේ සිදු කළ දෙවැනි සංචාරය ලෙස ඉතිහාසයට එක්වෙයි. මේවා නව චීනය පිහිටුවීමෙන් පසු චීනය හා අරාබි රටවල් අතර පැවැත්වෙන, විශාලතම හා උසස්ම රාජ්‍යතාන්‍ත්‍රික ක්‍රියාකාරකම් වීම ද විශේෂත්වයකි.

මැද පෙරදිග කලාපය වර්ධනය වන්නේ කෙසේ ද යන්න, ගෝලීය අවධානයට ලක්වන ප්‍රශ්නයකි. එම ප්‍රශ්නයට චීනය ලබා දුන් පිළිතුරු තුළින්, චීනය හා අරාබි රටවල් අතර දිගුකාලීන සුසංගත සහපැවැත්ම පිළිබිඹු වෙයි.

වසර 2016 දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේ මෙසේයි. ‘මතභේද තුරන් කිරීමට වැදගත් වන්නේ, සංවාදය පුළුල් කිරීමයි. රටේ සංවර්ධන මාර්ගයක් තෝරා ගත යුත්තේ රටේ සැබෑ තත්ත්වයට සරිලන අයුරිනි.’ ඒවා, අදාළ කලාපීය රටවල පොදු අදහස හා මනා ලෙස ගැලපී තිබේ. එනම්, ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කරමින්, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු වේ. එසේම, බාහිර බලවේගවල අතපෙවීම්වලට විරුද්ධ වෙමින්, සෑම ආකාරයකම අධිපතිවාදී හා බල දේශපාලන ක්‍රියාවන්ට එරෙහි විය යුතුය.

එහෙත් මැදපෙරදිග ප්‍රශ්නයට බටහිර ලෝකය දුන්නේ, ඔවුන් සිතන ආකාරයට නිවැරදිම පිළිතුරයි. ඔවුන් යෝජනා කළ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තුළින් මතු ව ඇත්තේ අරාබි කලාපයේ ඇතැම් ප්‍රදේශවල දේශපාලන නොසන්සුන්තා සහ දිගුකාලීන ගැටුම්කාරී තත්ත්ව පමණකි.

මැදපෙරදිග ප්‍රශ්නය කෙරේ චීනය හා බටහිර ලෝකය දරන වෙනස් ආකල්ප තුළින්, චීන ශිෂ්ටාචාරය හා අරාබි ශිෂ්ටාචාරය අතර සම්බන්ධීකරණය තව තවත් සමීප වී තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කියූ ආකාරයටම, චීනය හා අරාබි රටවල් අතර විශ්වාසය කිසිදා බිඳ දැමිය නොහැකි ය. එසේම, එය කිසිවිටකත් මිලට ගත නොහැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම