චීන ජනාධිපතිවරයා මොරිටේනියා ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායිකයින් හමුවෙයි
2022-12-09 18:18:00
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මොරිටේනියා ජනාධිපති Mohamed Ould Cheikh El Ghazouani මහතා හමු වේ.

එම හමුව අද(9) පෙරවරුවේ සෞදි අරාබියේ රියාද් අගනගරයේ පැවැත්විණ.

චීනය හා මොරිටේනියාව අතර ගැඹුරු මිත්‍රත්වයක් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. මෑත වසරවල ‍ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර ලෙස වර්ධනය වී තිබේ. අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර ගෙන ඇති අතර ප්‍රායෝගික සහයෝගතා හා සංස්කෘතික හුවමාරු ද පුළුල් වී ඇත. මොරිටේනියාවේ මාර්ග, පාලම්, රෝහල් ඇතුළු ජන ජීවිතයට අදාල වැදගත් ව්‍යාපෘතීන්ට චීනය සහාය දැක්වීය. මොරිටේනියා ජනතාවට වඩාත් සුබසෙත සලසා දීමට, එර‍ට බලශක්ති, ධීවර, ඛනිජ හා යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට එක්වීමට චීන පාර්ශ්වය අඛණ්ඩව සිය ව්‍යාපාර දිරිමත් කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

අනතුරුව ෂී ජින්පිං මහතා ජිබුටි ජනාධිපති Ismaaciil Cumar Geelle, කටාර් හි රජු Tamim Bin Hamad Al Thani, කොමොරොස් ජනාධිපති Azali Assoumani යන මහත්වරුන් ද හමු විය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම