අයවැය ඡන්ද විමසීම අද (08) පස්වරුවේ
2022-12-08 18:40:38
Share with:

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අද (08) යි. එම විවාදය පාර්ලිමේන්තුවේ දී දැනට පැවැත්වේ.  පස්වරු 6.00 ට 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් අද විවාදයට ගනු ලැබීය. විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රජය නිවැරදි ආර්ථික මාර්ගයකට පිවිසෙමින් සිටින බවයි. වර්තමානයේ තෙල් සහ ගෑස් හිඟය අවම වී ඇත. විදුලි කප්පාදුව ද අඩු කර ඇතැයි හෙතෙම පැවසීය.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවලින් ඉටු කළ හැකි කරුණු සඳහා පමණක් රජය එකඟ විය යුතු බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම