කොළඹ අහස දූවිල්ලෙන් වැසෙයි
2022-12-08 18:13:44
Share with:

වායුගෝලයේ දූවිලි අංශ ප්‍රමාණය ඉහළ යාමෙන් කොළඹ නගරයේ අහස මීදුම් වැනි දුමාරයකින් වැසී ගොස් තිබේ. මෙම තත්ත්වය ඊයේ (07) දිනයේ දී ද දැකිය හැකිවිය.

සුළං සහිත කාලගුණ තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගසාගෙන ඒම මීට බලපා ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි  මහතා පවසයි.  කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට මින් බලපෑම් එල්ල වී තිබේ.

ඉන්දීය වායු දූෂණයේ බලපෑමෙන් මෙරට වායු දූෂණය ද කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  මීට පෙර ද දැනුම් දී තිබිණ.  ශීත ඍතුව උදාවෙත්ම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය බෙහෙවින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දිල්ලි අගනුවර වායුගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර අංශු 50ක උපරිමයක ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම