චීන ජනපති හා සෞදි අරාබි අගමැති, එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු අතර සාකච්ඡා
2022-12-08 21:44:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, සෞදි අරාබි  අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි  Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු හමු වී සාකච්ඡා පවත්වයි.

එම සාකච්ඡාව අද (8) දහවල්  රියාද් අගනුවර රාජකීය මාලිගයේ දී පැවැත්විණ.

ජාතික පුනර්ජීවනය ළඟා කර ගැනීමට උත්සාහ දැරීමේ දී චීනය සෞදි අරාබිය සමග එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමට කැමති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි දී පැවසීය. ජාත්‍යන්තර හා කලාපීය ගැටළුවල දී අදහස් හුවමාරු කර ගැනීම හා සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, චීන -සෞදි අරාබි පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් ප්‍රවර්ධනය කිරීමටත් චීනය බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එකම චීනය මූලධර්මයට ස්ථිරව සහාය වන තම රට, අන්තවාදී බලවේගයන් තුරන් කිරීමට චීනය දැරූ උත්සාහයන්ට සහය දක්වන බව සෞදි අරාබි  අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි  Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු පැවසුවේය. මානව හිමිකම් මුවාවෙන් ඕනෑම බාහිර බලවේගයක‍් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පිළිබඳව සෞදි අරාබිය දැඩි ලෙස විරුද්ධ වේ. චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ඉදිරියට සංවර්ධනය කිරීමට සෞදි අරාබිය කැමැත්තෙන් සිටින බව ද ඔහු අවධාරණය කර ඇත. චීනයේ ව්‍යාපාර තම රටේ කාර්මීකරණයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත්, බලශක්ති ව්‍යාපෘතීන්ටත් සම්බන්ධ වීම අගය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම