ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය බලශක්ති හවුල්කාරිත්වය පිළිබඳ එකඟතාවයකට පැමිණේ
2022-12-08 10:55:59
Share with:

රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම හා වත්මන් බලශක්ති මිල අඩු කිරීම සහ බලශක්ති හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම පිළිබඳ ගිවිසුමක් බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අතර අත්සන් කළ බව බ්‍රිතාන්‍ය රජය ඊයේ (7) නිවේදනය කළේය.

මෙම ගිවිසුමට අනුව, ඉදිරි වසරක් තුළ, බ්‍රිතාන්‍ය වරායන් හරහා, ඇමරිකාව බ්‍රිතාන්‍යයට සහ අනෙකුත් යුරෝපීය රටවලට ඝන මීටර් බිලියන 9 සිට බිලියන 10 දක්වා වූ ද්‍රව ස්වභාවික වායු අපනයනය කරනු ඇත. මෙම සංඛ්‍යාව 2021 වර්ෂය හා සසඳන විට දෙගුණයකටත් වඩා වැඩි බව බ්‍රිතාන්‍යය රජය ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අතර මෙලෙස බලශක්ති හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමෙන්, යුරෝපය මත ඇමරිකානු බලශක්ති ආධිපත්‍යය තවදුරටත් තහවුරු වනු ඇති බව මහජන මතයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම