චීන ජාතික ඉතිහාස සංගමය ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.
ගෙවුණු වසර 30 තුළ ජාතික ඉතිහාස සංගමය රටේ ඓතිහාසික පර්යේෂණ, ප්‍රචාරය හා අධ්‍යාපනය සඳහා සක්‍රිය මෙහෙවරක් ඉටු කළ බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙයි.
එම සංගමයට නිවැරදි දේශපාලන දිශාවක මෙන්ම, ඓතිහාසික භෞතිකවාදයෙහි රැඳී සිටිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය ගැඹරින් අධ්‍යයනය කළ හැකි යැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කරයි. චීනයේ මාක්ස්වාදී සංවර්ධන ප්‍රතිඵලයන්ට අනුව රටේ ජාතික ඓතිහාසික පර්යේෂකයන් අතර සමගිය ශක්තිමත් කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියි. නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගනිමින් චීන ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් නව වගකීම් ඉටු කිරීම සඳහා, ජනතාවගේ ඓතිහාසික විශ්වාසය තහවුරු කර, සහයෝගතාව පිළිබඳ චිත්ත ශක්තිය රැස්කිරීමට ජාතික ඉතිහාස සංගමය අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ද ජනාධිපතිවරයා අපේක්ෂා පළ කර ඇත.