කොවිඩ් පාලනයේ සැලකිය යුතු ජයග්‍රහණ කොවිඩ් පාලන ප්‍රතිපත්ති අඛණ්ඩව පූර්ණ කිරීම සඳහා නිසි අවකාශයක් නිර්මාණය කරයි
2022-12-08 14:52:21
Share with:

වසංගතය නිවාරණය සහ පාලනය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා චීනය පියවර දහයක් එළිදක්වා තිබේ. චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ වසංගත ප්‍රතිචාර කාර්යාලයේ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී Liang Wannian මහතා  පැවසුවේ පසුගිය වසර තුන තුළ, වසංගතයට එරෙහි තෙවසරක සටන මගින් මිලියන සිය ගණනක් ආසාදන සහ මිලියන ගණනක මරණ වළක්වා ගෙන ජනතාවගේ  හදවත් දිනා ගැනීමට හැකිවූ බවයි.එමෙන්ම එය ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් ප්‍රශංසාවට ලක් විය.  වසංගතයට එරෙහි සටනේදී සැලකිය යුතු උපාය මාර්ගික ප්‍රතිඵල අත්කර ගෙන ඇති චීනය, වසංගත වැළැක්වීම සහ පාලනය මෙන්ම සමාජ-ආර්ථික සංවර්ධනය අතර‍ මනා සමතුලිතතාවයක් ඇති කර ගැනීමට සමත් වී තිබේ. මෙය කොවිඩ් පාලන ප්‍රතිපත්ති අඛණ්ඩව පූර්ණ කිරීම සඳහා ශක්තිමත් අත්තිවාරමක් ලබා දී ඇතැයි Liang Wannian මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම