සෞදි අරාබියේ චීන භාෂාව හදාරන තරුණයන්ට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2022-12-08 16:06:30
Share with:

රටක් අවබෝධ කර ගැනීමට සුදුසුම යතුර වන්නේ භාෂාව බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. හෙතෙම මේ බව පවසා ඇත්තේ, සෞදි අරාබියේ චීන භාෂාව හදාරන ආධුනිකයන්ගේ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමිනි. චීන භාෂාව මැනැවින් හදාරා චීන-සෞදි අරාබි හා චීන-අරාබි සබඳතා පුළුල් කිරීමට දායක වන ලෙස ජනාධිපතිවරයා එම ලිපියෙන් සෞදි අරාබි තරුණයන් දිරිගන්වා ඇත.

චීන භාෂාව හැදෑරීම සහ “චීන භාෂා පාලම” ව්‍යාපෘතියට සහභාගි වීමෙන් සෞදි අරාබි තරුණයන්ට චීනය පිළිබඳව වඩා ගැඹුරින් වටහාගත හැකිවනු ඇත.  ඒ පිළිබඳව සතුටු බව ද ජනාධිපතිවරයා තම පිළිතුරු ලිපියේ සඳහන් කර තිබේ.

සෞදි අරාබියේ චීන භාෂාව හදාරන ආධුනිකයන් 100 කට වැඩි පිරිසක් මෑතකදී ෂී ජින් පිං මහතාට ලිපියක් යොමු කර තිබිණ. ඔවුන්ගේ අත්දැකීම් හා සුන්දර බලාපොරොත්තු රැසක් එහි අන්තර්ගත විය.  

මේ වනවිට චීන භාෂාව සෞදි අරාබියේ ජාතික අධ්‍යාපන පද්ධතියට නිල වශයෙන් එක් කර ඇත. එරට විශ්වවිද්‍යාල 9 ක චීන භාෂාවට අදාළ අංශ ස්ථාපිත කර තිබේ. 300 කට වැඩි දේශීය ගුරුවරුන් පිරිසක් පුහුණු කර ඇති අතර, 1100 කට අධික විශ්වවිද්‍යාල සිසුන් “චීන භාෂා පාලම” ව්‍යාපෘතියට සහභාගි කරවාගෙන තිබීම ද කැපීපෙනේ. එසේම, ජාත්‍යන්තර චීන භාෂා ගුරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මාර්ගගත පන්තිවලට සහභාගි වීම සඳහා සරසවි සිසුන් 1000 කට අධික පිරිසකට ද අවස්ථාව ලබා දී ඇත.   

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම