මෙරට කෘෂිකර්මාන්තය නැංවීමට USAID සහය
2022-12-08 18:12:43
Share with:

ලොව දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තීරණය කර ඇතැයි  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි. එම ආයතනයේ නියෝජිතයන් මේ බව කියාසිටියේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ය.

ගොවි ජනතාවට නවීන කෘෂි තාක්ෂණය හඳුන්වා දීමට සහාය වන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මේ බව පවසා ඇත.

මෙරට කෘෂි අංශයේ නවීකරණය සඳහා මෑතක දී ගෙන ඇති ක්‍රියාමාර්ග එම නියෝජිතයන්ගේ ඇගැයීමට ලක්විය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ඉහළ නැංවීමේ දී දැනට භාවිත කරන සාම්ප්‍රදායික දැනුම මෙන්ම නවීන කෘෂි තාක්ෂණය යොදාගැනීම අත්‍යවශ්‍ය බව ද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය කියාසිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම