චීන ජනපති හා සෞදි අරාබි රජු අතර හමුවක්
2022-12-08 23:25:07
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෞදි අරාබියේ Salman bin Abdul Aziz Al Saud රජු හමු වේ.

එම හමුව අද(8) පස්වරුවේ රියාද්හි රාජකීය මාලිගයේ දී පැවැත්විණ.

චීනය හා සෞදි අරාබිය අතර පුළුල් සහයෝගී ශක්‍යතා  පවතින බව ෂී ජින්පිං මහතා එහි දී පැවසීය. සෞදි අරාබිය බහුධ්‍රැවීකරණ ලෝකයේ වැදගත් බලවේගයක් ලෙස සලකන චීනය, එරට සමග පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරයි. දෙරට සංවර්ධන අවශ්‍යතාවන්ට සරිලන සේ උපායමාර්ගික අදහස් හුවමාරු හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කිරීම චීනයේ අපේක්ෂාව බව ද, චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෑත වසරවල සෞදි අරාබි- චීන උපායමාර්ගික සම්බන්ධීකරණය හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාව මනා ප්‍රගතීන් සාක්ෂාත් කර ඇතැයි Salman bin Abdul Aziz Al Saud රජු එහිදී අවධාරණය කළේය. ගෝලීය ප්‍රශ්න  රැසක් සම්බන්ධයෙන් දෙරට අතර එකඟතා පවතින බවත්, චීනයේ ප්‍රතිලාභ යනු  සෞදි අරාබියේ ප්‍රතිලාභ බවත් සල්මාන් රජු පෙන්වාදෙයි. චීනය සමග පවත්නා සම්බන්ධතාව කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන තමා ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාවෙන් පසුවන බව ද හෙතෙම කියාසිටියේය. එසේම, ද්විපාර්ශ්වික සබඳතාව දෙරට ජනතාවට සුබසෙත උදාකිරීමට මෙන්ම කලාපීය හා ලෝක සාමය හා ස්ථාවරත්වයට ද හිතකර වන බව ද සල්මාන් රජු පවසයි.


අනතුරුව, චීන ජනපති හා සෞදි අරාබි රජු, දෙරට අතර 'අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමට’ අත්සන් තැබූහ. වසර දෙකකට වරක් නායක දෙපළ අතර හමුවක්, මාරුවෙන් මාරුවට දෙරටේ දී පැවැත්වීමට ද  එකඟතාව පළවිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම