කොවිඩ් පාලනය ආර්ථික වර්ධනයට බාධා නොවන බව අවධාරණය කෙරේ
2022-12-08 11:33:29
Share with:

කොවිඩ් පාලනය ආර්ථික වර්ධනයට බාධා නොවන බව අවධාරණය කෙරේ.

පසුගිය දා බ්‍රිතාන්‍ය ආර්ථික විශේෂඥ John Ross මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දී මේ බව අවධාරණය කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය නිමාවට පත්ව ඇතැයි බටහිර රටවල් පළ කළ මතය විහිළුවක් බව ඔහු එහි දී කියා සිටියේය. පසුගිය වසර 3 තුළ චීන රජය ශූන්‍ය කොවිඩ් පාලන ක්‍රමවේදය අනුගමනය කරමින් මිලියන 4ක ජනතාවගේ ජීවිත බේරා ගෙන තිබේ. එමෙන්ම ගෙවුණු වසර 40 ක කාලය තුළ ලෝක ආර්ථික වර්ධනයේ අවම මට්ටමක් වර්තමානයේ පෙන්නුම් කෙරේ. නමුත් චීනය, ඇමරිකාවට හා යුරෝපයට වඩා ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සමත්ව ඇතැයි John Ross මහතා ප්‍රකාශ කළේය.

චීනයේ කොවිඩ් පාලන ප්‍රතිපත්තිවලින් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ සුළු පිරිසක් පමණි. ලන්ඩන් ආර්ථික හා වාණිජ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ John Ross මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේ දී චීන ආර්ථික වර්ධනය ඇමරිකාව අභිබවා යනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම