චීනය ලෝක සාමය ආරක්ෂා කොට පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන ශක්තිමත් බලවේගයක් බව චීන ජනපති කියයි
2022-12-08 11:04:16
Share with:

චීන ජනාධිපතිවරයා සෞදි අරාබි මාධ්‍ය හරහා ලිපියක් පළ කරයි.

පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට සහභාගි වීම මෙන්ම සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(8) සෞදි අරාබියේ "රියාද්" පුවත්පතේ "සහස්‍ර මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් අපූරු අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම" යන මැයෙන් ලිපියක් පළ කළේය.

නව තත්ත්වය යටතේ, අරාබි රටවල් සමඟ මිත්‍රශීලී ආත්මය ඉදිරියට ගෙන යමින් නව යුගයට මුහුණ දෙන පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීමට අත්වැල් බැඳගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව එම ලිපියේ දැක්වේ.

මෙවර සංචාරය ප්‍රයෝජනයට ගනිමින්, සෞදි අරාබිය සමඟ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ශක්තිමත් කොට මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහ ලෝක සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට චීනය බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ.

චීනය ලෝක සාමය ආරක්ෂා කොට පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන ශක්තිමත් බලවේගයකි. තම නව සංවර්ධනයත් සමඟ අරාබි රටවල් ඇතුළු ලොව විවිධ රටවලට නව අවස්ථා ලබා දීමට චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ද එම ලිපිය පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම