චීනයේ තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීම ඇමරිකාව අනුමත කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය පළවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තායිවානයට ඩොලර් මිලියන 425ක් වටිනා ආයුධ ඇණවුම් දෙකක් අනුමත කර ඇත.
චීනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඇමරිකාවේ එම ක්‍රියාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවසුවාය.
එකම චීනය මූලධර්මය, චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ තුන සහ තායිවාන බෙදුම්වාදීන්ට එරෙහි වීමේ පොරොන්දුව අනුගමනය කරන ලෙසත්, තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීම, හමුදා සම්බන්ධතාව පැවැත්වීම සහ තායිවාන් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නොසන්සුන් තත්ත්වය උග්‍ර කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය කියාසිටී.