‘එක් තීරයක් එක් මාවතක්’ පොදු ව්‍යාපෘතිවලින් අරාබි රටවල් හා එක්ව අඛණ්ඩ ජයග්‍රහණ ලබාගනිමින් සිටින බව චීනය කියයි
2022-12-08 17:15:51
Share with:

 ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම තුළින් අරාබි රටවල් සමඟ අඛණ්ඩ ජයග්‍රහණ ලබාගනිමින් සිටින  බව චීනය පවසයි. 

චීනය හා පලස්තීනය ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට මේ මාසයේ අත්සන් තැබීය. එසේම අරාබි රටවල් 21 ක් සහ අරාබි රාජ්‍ය ලීගය සමඟ ද එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා ලේඛන අත්සන් තැබීමට  චීනය ක්‍රියාකර ඇත.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළාය. 

චීනය සහ අරාබි රටවල් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ සහයෝගීතා සැලැස්ම සාර්ථක වී ඇති අතර, එහි ජයග්‍රහණ අඛණ්ඩව හිමිවෙමින් පවතී. මේ යටතේ චීනය සහ අරාබි රටවල් යටිතල පහසුකම් සහ බලශක්ති ක්ෂේත්‍රවල මහා පරිමාණ ව්‍යාපෘති 200 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇත. ඒවායේ ප්‍රතිලාභ දෙපාර්ශ්වයේම බිලියන 2 කට ආසන්න ජනතාවට  හිමිව ඇති බව ද ඇය කියාසිටී. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති අඛණ්ඩව පුළුල් කිරීමෙන්, අරාබි කලාපය ඇතුළු විවිධ රටවල ජනතාවට වැඩි ජයග්‍රහණ හිමිවනු ඇතැයි  විශ්වාස කරන බවද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම