ජෛව විවිධත්ව සුරැකීමට චීනයේ දැඩි අවධානය
2022-12-07 18:28:48
Share with:

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණයේ දෙවන අදිය‌රේ රැස්වීම අද(7) කැනඩාවේ මොන්ට්‍රියල්හි දී ආරම්භ වීමට නියමිතය. මෙවර රැස්වීම සම්බන්ධයෙන් චීනයේ අපේක්ෂාවන් පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය විස්තර කළාය.

සභාපති රට වශයෙන් චීනය අදාල පාර්ශ්වයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ‘පශ්චාත් 2020 ගෝලීය ජෛව විවිධත්ව රාමුවට’ එළඹීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

ජෛව විවිධත්වයට ඉහල අවධානයක් යොමු කරන චීනය COP15 හි සභාපතිත්වය දැරීමෙන් පසුව උපරිම දේශපාලන අභිලාෂයකින් හා බලවත්ම ක්‍රියා වලින් අදාල ක්‍රියාදාම ඉදිරියට මෙහෙයවීමට උත්සාහ දරා ඇත. එසේම ගෝලීය ජෛව විවිධත්ව සුරැකීම වෙනුවෙන් සක්‍රීය මෙහෙවරක් චීනය ඉටු කළ බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම