2023 වසරේ චීන ආර්ථික කටයුතු පිළිබඳ රැස්වීම පවත්යි
2022-12-07 14:46:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 2023 වසරේ ආර්ථික කටයුතු පිළිබඳ රැස්වීමක් පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ඊයේ(6) පැවැත්විණ.

ලබන වසර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පළමු වසරයි. 2023 වසරේ ආර්ථික කටයුතු මනාව ඉටු කිරීම සඳහා, ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයෙන් මඟපෙන්වා, චීන ලක්ෂණ සහිත නවීකරණය ප්‍රවර්ධනය කළ යුතු බව, එම රැස්වීම අවධාරණය කරයි. ලබන වසරේ ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් සහ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බව රැස්වීමේදී පෙන්වා දී තිබේ. දූෂණයට ස්ථීර හා අඛණ්ඩ ලෙස විරුද්ධ වන අතර පක්ෂයේ හා රජයේ අධීක්ෂණ ක්‍රමය වැඩිදියුණු කළ යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම