යුක්‍රේන ජනතාවට මානුෂවාදී සහන සලසන ලෙසට චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-12-07 19:05:34
Share with:

ආහාර හා බලශක්ති අර්බුදය, දේශපාලනීකරණය කිරීමට හෝ ඒවා අවි ආයුධ ‍සේ යොදා ගැනීමට චීනය දැඩි ලෙස විරුද්ධ බව අවධාරණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත ගෙං ෂුවන් මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (6) ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්‍රේන මානුෂවාදී ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවකදීය.

වත්මන් ලෝකය මුහුණ පා ඇති බලශක්ති හා ආහාර අර්බුදයන්ට හේතුවී ඇත්තේ , සැපයුම් දාමයෙහි මතුවූ ගැටළු මිස, නිෂ්පාදන හෝ අවශ්‍යතාවන්හි ප්‍රශ්න නොවන බව ඔහු පෙන්වා දෙයි. බාධාවට ලක් වූ ජාත්‍යන්තර සහයෝගතාවේ හා ගෝලීය ආර්ථිකයේ පුනරුත්ථාපනය කිරීම සඳහා ඒකපාර්ශ්වික සම්බාධක අහෝසි කරන ලෙස ඔහු ආයාචනය කර ඇත. 

යුක්‍රේන ජනතාව යුද්ධය හා අධික සීතල යන අභියෝගවලට මුහුණ දී සිටිති. ඔවුන් පිළිබඳ මානුෂවාදී අවශ්‍යතාව කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. ජගත් සංවිධාන හා මානුෂවාදී ආයතන, එරට විනාශයට පත් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට කඩිනමින් සහාය විය යුතු අතර ජනතාවට සීතල කාලය ගතකිරීමට අවශ්‍ය භාණ්ඩ සපයා දිය යුතු බව ද ගෙං ෂුවන් මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම