රටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය නොවන පුද්ගලයින්ගේ අදහස් හා යෝජනා එක්රැස් කෙරේ
2022-12-07 16:47:35
Share with:

මෙම වසරේ චීනයේ ආර්ථික තත්ත්වය හා ලබන වසරේ ආර්ථීක කටයුතු පිළිබඳව විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල, ජාතික කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ සහ නිර්පාක්ෂික නියෝජිතයන්ගේ උපදෙස් ලබා ගැනීමේ සංසදයක් පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවවිසින් සංවිධාන කරන ලද එම සංසදය පසුගිය 2 වැනිදා පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සමස්ත ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා, ලබන වසරේ විවිධ පියවර ගනිමින් නව සංවර්ධන සංකල්ප පුළුල් කළ යුතු බව ෂී ජින් පිං මහතා එම සංසදයේදී අවධාරණය කළේය.

චීනයේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශ්ලේෂණය සහ ලබන වසරේ ආර්ථික කටයුතු සැලසුම් සම්බන්ධයෙන් ඊට එක්වූ විවිධ නියෝජිතයන්ගේ එකඟතාව පළවිය. චීන විප්ලවවාදී කමිටු පක්ෂ සභාපතිවරයා, Zhi Gong පක්ෂයේ සභාපතිවරයා, Jiusan සංගමයේ සභාපතිවරයා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂය නොවන පක්ෂවල නියෝජිතයෝ සහ නිර්පාක්ෂික නියෝජි‍තයෝ එහිදී සිය අදහස් දැක්වූහ. යැංසි ගඟේ සහ කහ ගඟේ සම්බන්ධීකරණ සංවර්ධනය, විද්‍යාත්මක කුසලතා සහිත පුද්ගලයින් හඳුනා ගැනීම, හරිත හා අඩු කාබන් සංවර්ධනය සහ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවේ සංවර්ධනය පිළිබඳව ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇත.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම