" නව ගමනක නිරත චීනය සහ ලෝකය " නමැති චීන-අරාබි මාධ්‍ය සංසදය සාර්ථකව පැවැත්වෙයි
2022-12-07 18:58:43
Share with:

" නව ගමනක නිරත චීනය සහ ලෝකය " නමැති චීන-අරාබි මාධ්‍ය සංසදය සෞදි අරාබියේ රියාද් අගනුවර දී සාර්ථකව පැවැත්වෙයි.  චීන මාධ්‍ය සමූහය සංවිධාන කළ එම සංසදයට 30කට වැඩි අරාබි රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සහභාගී විය. 

පසුගිය 5 වැනිදා පැවති එම සංසදය‍ට, සෞදි අරාබිය, ඊජිප්තුව, ඇල්ජීරියාව, පලස්තීනය සහ යේමනය ඇතුළු රටවල රාජ්‍ය නිලධාරීහූ, ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රධානීහූ, අදාළ ආයතනවල නියෝජිතයෝ සහ චීන විදේශ අමාත්‍යාංශයේ චීන-අරාබි සහයෝගිතා සංසදයේ තානාපතිවරයා ඇතුළු 100 කට වැඩි පිරිසක් එක්වූහ. නව යුගයේ චීනයේ නව ගමන සහ අරාබි රටවල නව අවස්ථා සහ චීන-අරාබි මාධ්‍ය මගින් දෙපාර්ශ්වයේ සබඳතා ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු කෙරෙහි එහිදී අවධානය යොමු විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය රටේ අනාගත සංවර්ධනය සඳහා ඉදිරිපත් කළ ඉදිරි දැක්ම, අරාබි රටවල සංවර්ධනයට ද මනා  අධ්‍යයන කරුණක්  බව එම නියෝජිතයෝ  සඳහන් කළහ. අන්තර් මාධ්‍ය සහයෝගීතාව චීන-අරාබි සබඳතා ඉහළ මට්ටමකට නැංවීමට උපකාරී වනු ඇති බවට ද ඔවුහූ විශ්වාසය පළ කරති.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම