කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි
2022-12-07 15:19:48
Share with:

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කෙරේ.

කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට සනාථ කිරීම සඳහා වන PCR පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම  කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම