නිවැරදි මාවතේ පවතින චීන- අරාබි සබඳතාව
2022-12-07 20:23:09
Share with:

චීනය හා අරාබි ලෝකය අතර පවතින්නේ අවංකත්වය, විශ්වාසය හා අන්‍යේන්‍ය අනුබලය පිළිබඳ සම්බන්ධතාවයකි.

  මෙහිදී දේශපාලන අනුබලය ඉතා කැපී පෙනේ.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කටාර් හිදී ආරම්භ වීමට පෙර, ඇතැම් බටහිර දේශපාලන බලවේග, ඊනියා ‘මානව හිමිකම්’ මුවාවෙන් එම තරගයට රාජ්‍යතාන්ත්‍රික විරුද්ධත්වය උද්දීපනය කළේය.  චීනය විවිධ ආකාරවලින් සිය අනුබලය දැක්වූ අතර ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමට දැඩි ලෙස විරෝධතා පළ කර ඇත.

එසේම මෙම වසරේ පෙබරවාරි මාසයේ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට ඇතැම් රටවල්  ප්‍රකාශ කිරීමෙන් පසු ඊජිප්තුව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් රාජ්‍යය යන රටවල නායකයෝ එම උළෙලේ ආරම්භක උළෙලට එක් වීම මගින් සිය ප්‍රායෝගික සහාය දැක්වූහ. 

පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමේදී, සමස්ත අරාබි රටවල් 22ක්ම ‘එකම චීනය මූලධර්මය’ යළි අවධාරණය කර තිබිණ.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, මානව හිමිකම් කවුන්සිලයේ 51වන රැස්වීමේදී චීනයේ ෂින්ජියං ප්‍රදේශයට අදාල කෙටුම්පතක් පෙළඹවූ විට, යුක්තිසහගත දෙස සිට චීනයට ස්ථිර අනුබල දැක්වූ රටවල් අතරින්, අරාබි රටවල් ද විය. ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

චීනය හා අරාබි රටවල් අතර ආර්ථික හා වෙළඳ සම්බන්ධතාව බැඳී තිබුණේත්, එකිනෙකා අවබෝධය ලබා ගත්තේත්, සේද මාවතෙන් බව කිව හැකිය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සංවර්ධනයට දෙපාර්ශ්වය, ස්වාභාවික හවුල්කරුවන් වන බව පවසන්නේ ඒ හේතුවෙනි. එසේම මේ වන විට අරාබි රටවල් 20ක් හා අරාබි රාජ්‍ය ලීගය සමග අදාල සහයෝගතා ලිපිලේඛනවලට චීනය අත්සන් තබා ඇත.

ඊජිප්තුවේ ‘2035 සංයුක්ත තිරසර බලශක්ති උපායමාර්ගය’ හා සෞදි අරාබියේ ‘2030 ජාතික දැක්ම’ ඇතුළු අරාබි රටවල සංවර්ධන ක්‍රියාමාර්ග, චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග ගැඹුරු ලෙස සම්බන්ධීකරණයෙන් පොදුවේ සංවර්ධනය කිරීමට ‍අදාල රටවල් පියවර ගනිමින් සිටීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම