ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශාඛා කඩිනමින් මෙරට පිහිටුවීමට කමිටුවක්
2022-12-07 15:22:26
Share with:

ජාත්‍යන්තර විශ්ව විද්‍යාවලට අයත් ශාඛා මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර කෙටි කලක් තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමයන්ත මහතාට උපදෙස් දෙයි. උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව සිසුන් තිස්දහසකට අධික සංඛ්‍යාවක් විදේශගත වීම හේතුවෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 300 කට වැඩි විදේශ විනිමයක් රටින් පිටතට ඇදී යයි. මේ වන විට විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එම තත්ත්වය දරාගත නොහැකි බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා මෙරට ස්ථාපිත කිරීමෙන් මෙරට සිසුන්ට පමණක් නොව මාලදිවයින බංග්ලාදේශය නේපාලය ඉන්දුනීසියාව ආදි රටවල සිසුන්ට අධ්‍යාපනය සඳහා මෙරටට පැමිණිය හැකිය. එය ඩොලර් ඉපැයීමේ මාර්ගයක් ද වන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම