2022 චීන-අරාබි මාධ්‍ය සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය සෞදි අරාබියේදී
2022-12-07 15:28:58
Share with:

2022 වසරේ චීන-අරාබි මාධ්‍ය සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය සෞදි අරාබියේදී පැවැත්වේ. 

පසුගියදා(5) සෞදි අරාබියේ රියාද්හි පැවති එම සාකච්ඡා මණ්ඩපය චීන මාධ්‍ය සමූහය හා සෞදි අරාබි රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශය විසින් ඒකාබද්ධව සංවිධාන කර තිබේ . 

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වීඩියෝ ආකාරයෙන් එම සාකච්ඡා මණ්ඩපයට එක්වී දේශනයක් කළේය. තම ආයතනය හා අරාබි රටවල ඒ ඒ ක්ෂේත්‍ර සමග ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කරමින් ‘ගෝලීය සංවර්ධන යෝජනාව’ හා ‘ගෝලීය ආරක්ෂක යෝජනාව’ පොදුවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කීය. නව යුගයේ චීන-අරාබි පොදු ඉරණමක් සහිත සම්බන්ධතා ගොඩනැගීම ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට මාධ්‍ය ශක්තිය ලබා දීමට අපේක්ෂා කරන බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. 

එම සාකච්ඡා මණ්ඩපයේ වැදගත් ජයග්‍රහණයක් ලෙස ‘චීන- අරාබි රාජ්‍ය මාධ්‍ය හුවමාරු හා සහයෝගිතා තහවුරු කිරීම පිළිබඳ යෝජනාව’ එහිදී චීන මාධ්‍ය සමූහය හා අරාබි රාජ්‍ය ගුවන්විදුලි සංගමය විසින් ඒකාබද්ධව නිකුත් කරනු ලැබිණ.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම