ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් විසඳුමක්
2022-12-06 19:15:43
Share with:

ආර්ථික අර්බුදයට පිළියමක් සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (06) කොළඹදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් "ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් වූහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම