අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කමිටුවේ තුන් වන නිවේදනය නිකුත් කෙරේ
2022-12-06 15:56:19
Share with:

චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය පිළිබඳව දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංවේගය පළ කෙරේ. බොහෝ රාජ්‍යන්හි පාර්ලිමේන්තු හා දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම, මිත්‍රශීලි කණ්ඩායම් හා පුද්ගලයින්, ජගත් සංවිධානවල ප්‍රධානීන්, චීනයේ විදේශ තානාපතිවරුන් හා මිත්‍රයින්, එතෙර සිටින චීන ජාතිකයින් පමණක් නොව, හොංකොං හා මැකව් විශේෂ පරිපාල කලාපවල හා තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයින් ද සිය සංවේගය පළ කළහ. අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කමිටුව තුන් වන වරටත් නිවේදනයක් නිකුත් කරමින් ඒ පිළිබඳව සිය හෘදයාංගම ස්තූතිය පළ කර සිටී.

ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථිර නායකත්වය යටතේ සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය, සමස්ත චීන මහජන විමුක්ති හමුදාව හා සමස්ත ජනතාව, චීන ලක්‍ෂණ සහිත සමාජවාදයේ ශ්‍රේෂ්ඨ ධජය ඉහළට ඔසවා තැබීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. එසේම සිය රට නවීකරණ සමාජවාදී රටක් ලෙස සම්පූර්ණයෙන් ගොඩනැගීමටත්, චීන ජාතිකයින්ගේ පුනර්ජීවනය ළඟා කර  ගැනීමටත්, පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාවක් ගොඩනැගීමටත් දායක වීමට උත්සාහ කරනු ඇති බව ද අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම