ජර්මානු චාන්සලර්වරයා චීනය පිළිබඳව දැක්වූ අදහසට චීනය ප්‍රතිචාරය දක්වයි
2022-12-06 19:24:40
Share with:

ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා චීනය පිළිබඳව පළ කළ අදහස සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.

චීනයේ පිබිදීම, චීනය හුදෙකලා කිරීමට හෝ චීනය සමග සහයෝගතා සීමා කිරීමට හේතුවක් නොවන බව ජර්මානු චාන්සලර්වරයා පසුගියදා සඟරාවක ලිපියක් පළ කරමින් ප්‍රකාශ කර ඇත. වත්මන් ලෝකය නව සීතල යුද්ධයට පිවිසී නොමැති බවත් චීනය හා ඇමරිකාව එකිනෙකාට විරුද්ධව පැවතීමේ සංකල්පයට තමා එකඟ නොවන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පැවසුවේ,   ලෝක සාමය ආරක්ෂා කරමින් පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික පරමාර්ථයෙහි එල්බ සිටින චීනය, විවිධ රටවල් සමග සුහද සහයෝගතා පැවැත්වීමෙහි නියැලී සිටින බවයි.  චීනයේ සංවර්ධනය, ලෝක සාමකාමී බලවේගය වර්ධනයට හිතකර වන අතර, ලෝක සංවර්ධනයට බලය හා අවස්ථා ද ගෙන දී තිබෙන බව සත්‍යවශයෙන් පිළිබිඹු වී ඇතැයි ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම