කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කෙරේ - ජනපතිගෙන් විශේෂ තීරණයක්
2022-12-06 19:19:14
Share with:

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම