ජපානය හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව චීනය පවසයි
2022-12-06 19:51:10
Share with:

ජපානය හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව චීනය පවසයි.

ජපානය අඛණ්ඩව වසර 10ක් තිස්සේ ආරක්ෂක අයවැය ඉහළ නංවා ඇති අතර නිරන්තරයෙන් කලාපීය ආතතීන් අතිශයෝක්තියට නංවා ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පැවසුවාය.

ජපානයේ එම ක්‍රියාවලිය අනතුරුදායක වන අතර ඔවුන්ගේ සාමකාමී සංවර්ධනය අනුගත කිරීමේ අධිෂ්ඨානය කෙරෙහි, ජාත්‍යන්තර ප්‍රජාව අතර දැඩි සැකයක් ඉන් ඇතිවන බව ද ඇය සඳහන් කළාය.

ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රවේශමෙන් මෙනෙහි කළ යුතු ය. එමෙන්ම එරට අසල්වැසි රටවල ආරක්‍ෂක අවශ්‍යතාවලට  ගරු කරමින්, කලාපීය සාමයට හිතකර වන සේ, හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම