රුසියාවේ ඛනිජ තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන බව ඉන්දියාව කියයි
2022-12-06 11:00:19
Share with:

රුසියාවේ ඛනිජ තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන බව ඉන්දියාව පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා ඊයේ (5) එරට සංචාරයක නිරත ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය. ජර්මානු විදේශ අමාත්‍යවරියගේ සංචාරයේ එක් අරමුණක් වන්නේ රුසියාවේ ඛනිජ තෙල් සම්බන්ධ යුරෝපා මිල සීමාව ඉන්දියාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමය. තම බලශක්ති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉන්දියාව ඉදිරියේදී රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම ඉන්දීයාවේ අපෙක්ෂාව වී තිබේ. රුසියානු-යුක්රේන ගැටුමේ සිට යුරෝපා සංගමය ඉන්දියාවට වඩා රුසියාවෙන් "සැලකිය යුතු තරම්" පොසිල ඉන්ධන මිලදී ගෙන ඇති බව Subrahmanyam Jaishankar මහතා පැවසීය.

රුසියාවට එරෙහිව බටහිර “ඛනිජ තෙල් මිල සීමා නියෝගය” ඉන්දියාවට එල්ල කරන්නේ “ශුන්‍ය” බලපෑමක් බවත්, මිලදී ගැනීමට අවශ්‍ය ඕනෑම රටකින් ඉන්දියාව ඛනිජ තෙල් මිලදී ගන්නා බවත් ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය Hardeep Singh Puri මහතා ඊයේ (5) ප්‍රකාශ කළේය.

රුසියාවට එරෙහි ඛනිජ තෙල් මිල සීමා  සැලැස්මට එක්වීම සඳහා ඉන්දියාව දිනා ගැනීමට ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් බොහෝ වරක් උත්සාහ කර තිබේ. රුසියාවේ ඛනිජ තෙල් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බව පවසමින් ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් ඉන්දියාව නැවත නැවතත් විවේචනයට ලක් කරමින් ඛනිජ තෙල් මිල සීමා සැලැස්මෙන් ඉන්දියාවට ප්‍රතිලාභ ලැබෙන බවට ඉඟි කර ඇත. එහෙත් ඉන් ප්‍රයෝජනයක් වී නොමැත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම