2022 ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධිය හා අධ්‍යාපන සංසදය චීනයේ දී
2022-12-06 10:18:42
Share with:

2022 ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධිය හා අධ්‍යාපන සංසදය චීනයේ දී පැවැත්වෙයි. මෙය චීන අධ්‍යාපන අමාත්‍යාංශය හා UNESCO සංවිධානය විසින් ඒකාබද්ධ ප්‍රයත්නයකි. ඊයේ(05) සහ අද(06) මාර්ගගත අයුරින් පැවැත්වෙන මෙම සංසදයට, ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති ලොව ඕනෑම අයෙකුට  සම්බන්ධ විය හැකිය.

‘ කෘත්‍රිම බුද්ධිය මගින් ගුරුවරුන්ට සහාය වීම හා ඉගැන්වීමේ ක්‍රමවේද උසස් කිරීම සදහා මාර්ගෝපදේශ ’ යන්න එහි ප්‍රධාන තේමාවයි. ‘ කෘත්‍රිම බුද්ධියෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය’ ‘ කෘත්‍රිම බුද්ධිය සහිත අධ්‍යාපන පරිසරය තුළ ගුරුවරුන් සපිරිය යුතු ශක්‍යතා හඳුනා ගනිමින් පෝෂණය කිරීම ’ ඇතුළු උපමාතෘකා රැසක් ද ඊට ඇතුළත් ය. රටවල් 10කට වැඩි සංඛ්‍යාවක අධ්‍යාපන ඇමතිවරු, UNESCO සංවිධානය ඇතුළු ජගත් සංවිධානවල උසස් පෙළේ නිලධාරීහු සහ කෘත්‍රිම බුද්ධිය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇතුළු පිරිසක් සංසදයට එක්ව සිටියහ.

චීනයේ යෝජනාවක් වන ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධිය හා අධ්‍යාපන සංසදය, UNESCO සංවිධානය සමග එක්ව ගොඩනංවන ලද  අන්තර්ජාතික අදහස් හුවමාරු හා සහයෝගිතා වේදිකාවකි. එය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩ ව සිව් වැනි වරට යි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම