ඇමරිකාව නිකුත් කළ චීන හමුදා සහ ආරක්ෂක සංවර්ධන වාර්තාව පිළිබඳව චීනයේ දැඩි විරෝධය
2022-12-06 16:04:09
Share with:

ඇමරිකාව සීතල යුද සමයේ සංකල්පයෙන් බැහැර වී, චීන ජාතිකාරක්ෂාව හා හමුදා සංවර්ධනය කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශය පවසයි.  

එහි ප්‍රකාශක Tan Kefei මහතා අද(6) මේ බව ප්‍රකාශ කළේය. මෑතක දී, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව 2022 වසරේ චීන හමුදා සහ ආරක්ෂක සංවර්ධන වාර්තාව නිකුත් කර ඇත. එමඟින් චීනයේ ජාතිකාරක්ෂක ප්‍රතිපත්තිය සහ යුද උපාය මාර්ගය විකෘති කෙරෙන අතර, චීනයේ යුද බල සංවර්ධනය පිළිබඳ පදනම් විරහිත උපකල්පනයන් නිකුත් කර තිබේ. එමෙන්ම එම වාර්තාව චීන තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස අතපෙවීමක් ලෙස පෙනී යයි. එම වාර්තාව ඊනියා චීන යුද තර්ජන පිළිබඳව ප්‍රචාරය කිරීම සඳහා ඇමරිකාව ක්‍රියාත්මක කරන නිත්‍ය ක්‍රමයක් බව හැ‍ඟේ. මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කළ බව Tan Kefei මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම