"Yiwu-Xinjiang-Europe" චීන-යුරෝපා දුම්රිය සේවාවේ විශිෂ්ට ප්‍රගතියක්
2022-12-05 11:45:37
Share with:

"Yiwu-Xinjiang-Europe" චීන-යුරෝපා දුම්රිය සේවාව ඉහළ සාර්ථකත්වයක් අත්පත් කර ගනී.

මෙම මාර්ගය Zhejiang පළාතේ Yiwu නගරයේ සිට Xinjiang Uygur ස්වායත්තය හරහා යුරෝපය දක්වා දිව යයි.

සම්මත බහාලුම් 100 ක සම්පූර්ණ බර සහිත දුම්රියක්, චීනයේ Yiwu දුම්රිය ස්ථානයෙන් පිටත් ව රුසියාවේ මොස්කව් අගනුවර බලා ඊයේ(4) පිටත්ව ගියේය. එය, මෙම වසර තුළ ධාවනය වූ 1506 වන "Yiwu-Xinjiang-Europe" චීන-යුරෝපා දුම්රියයි. ඉකුත් මාස 11 තුළ මෙම මාර්ගය ඔස්සේ දුම්රිය ගමන් වාර 1500 ක් සපුරා තිබීම විශේෂත්වයකි.

2022 දෙසැම්බර් 4 වැනිදා වන විට, "Yiwu-Xinjiang-Europe" චීන-යුරෝපා දුම්රිය මගින් සම්මත බහාලුම් 124000ක් ප්‍රවාහනය කර ඇති අතර, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 26%ක වැඩිවීමකි. 2022 වසරේ මුල් මාස 10 තුළ Yiwu රේගු අධීක්ෂණය යටතේ "Yiwu-Xinjiang-Europe" චීන-යුරෝපා දුම්රිය මගින් මෙහෙයවනු ලැබූ ආනයන හා අපනයන භාණ්ඩ වෙළඳ පරිමාව යුවාන් බිලියන 18.63 ක් වීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම