රුසියානු ඛනිජ තෙල් සඳහා යුරෝපා සංගමයේ මිල සීමා අද (05) සිට
2022-12-05 10:59:03
Share with:

මුහුදු මාර්ග ඔස්සේ අපනයනය කෙරෙන රුසියානු ඛනිජ තෙල් සඳහා යුරෝපා සංගමය මිල සීමා පනවයි.

එම මිල සීමාව අද(5) සිට නිල වශයෙන් බලාත්මක වේ. G7 කණ්ඩායමේ රටවල් සහ ඕස්ට්‍රේලියාව එය ක්‍රියාත්මක කරමින්, ඛනිජ තෙල් බැරලයක උපරිම මිල ඇමරිකානු ඩොලර් 60 ක් බව ප්‍රකාශ කර ඇත.

රුසියාවේ ඛනිජ තෙල් අපනයනය තහනම් කිරීමට ඉකුත් මැයි මාසයේ දී යුරෝපා සංගමය එකඟ විය. ඒ අනුව,දෙසැම්බර් 5 වනදා සිට රුසියානු බොරතෙල් ආනයනය තහනම් කිරීමටත්, ලබන පෙබරවාරි මාසයේ සිට රුසියානු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය තහනම් කිරීමටත් එහිදී තීරණය කෙරිණ. එහෙත් එම තහනම වෙනුවට බලාත්මක වන්නේ නව මිල සීමාව යි. 

බටහිර රටවල මෙම තීරණයට ප්‍රතිචාර වශයෙන් රුසියාව මීට පෙර ප්‍රකාශ කළේ, මිල සීමා පනවන රටවලට ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ලබා නොදෙන බවයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම