විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ
2022-12-05 15:47:37
Share with:

ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ.

දෙසැම්බර් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකු ලූණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා පහත දමා තිබේ.

පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

අදාළ බදු සංශෝධනයන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම