ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනත ගෝලීය වශයෙන් අසාධාරණ තරඟයක් නිර්මාණය කරනු ඇතැයි යුරෝපා කොමිසම කියයි
2022-12-05 09:28:42
Share with:

ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනත මගින් අසාධාරණ තරඟයක් නිර්මාණය වීමේ ඉඩක් පවතින බව යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසයි.

යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen මහත්මිය ඊයේ (4) බෲගස්හි යුරෝපයේ විද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී මේ බව කියාසිටියාය.

ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනත අසාධාරණ තරඟකාරීත්වය,  වෙළඳපොළවල් සංවෘත වීම සහ ගෝලීය සැපයුම් දාමයන් බිඳවැටීමට තුඩු දෙනු ඇති බැවින්, එය යුරෝපයේ සහ ලෝකයේ විවිධ රටවල විශේෂ විමර්ශනයකට ලක්ව ඇතැයි ද Ursula von der Leyen මහත්මිය පෙන්වාදෙයි. ඇමරිකාව සමඟ මිල අධික වෙළඳ යුද්ධයකට එළඹීම යුරෝපයේ ප්‍රතිලාභවලට අනුකූල නොවන බවත්, එසේම එය ඇමරිකාවේ ප්‍රතිලාභවලට අනුකූල නොවන බවත් ඇය කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම