ෂී ජින්පිං මහතා ඇතුළු රටේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති Jiang Zemin මහතාට අවසන් ගෞරව දක්වති
2022-12-05 18:50:01
Share with:

අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ දේහය අද (5) බෙයිජිං හිදී ආදාහනය කෙරිණ. ශ්‍රේෂ්ඨ මාක්ස්වාදියෙකු මෙන්ම නිර්ධන පාංතික විප්ලවවාදියෙකු වූ Jiang Zemin මහතා හමුදා මූලෝපාය පිළිබඳ විශේෂඥයෙක් ද විය. එසේම දීර්ඝ කාලයක සිට අභියෝග රැසකට මුහුණ පෑ කොමියුනිස්ට් සටන්කාමියෙකු වූ ඔහු, චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ශ්‍රේෂ්ඨ අරමුණ උදෙසා  කැප වූ  නායකයෙකි.  චීන කොමියුනිස්ට් පක්ෂයේ තුන්වන පරම්පරාවේ මධ්‍යම සාමූහික නායකත්වය මෙහෙයවූ ඔහු ‘තුන් නියෝජන න්‍යායේ’ප්‍රධාන නිර්මාතෘවරයා ද විය.

ෂී ජින්පිං, ලී කච්‍යන්, ලී ජැන්ෂූ, වං යං, හූ ජින්ටාඕ යන මහත්වරු Jiang Zemin මහතාට සමු දීමට චීන මහජන විමුක්ති හමුදාවේ මහ රෝහලට පැමිණියහ. Jiang Zemin මහතාගේ දෙහයට අවසන් ගෞරව දැක්වූ ඔවුන්, දේහය ආදාහනය සඳහා Babaoshan විප්ලවීය සුසාන භූමියට භාරදීමට කටයුතු කළහ.  

Jiang Zemin මහතා රෝගාතුර ව සිටි කාලයේ ෂී ජින්පිං, ලී කච්‍යන්, ලී ජැන්ෂූ, වං යං, හූ ජින්ටාඕ යන මහත්වරු රෝහලට පැමිණ ඔහු පිළිබඳව සොයා බැලූහ.  හෙතෙම අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඔවුහු නන් අයුරින් ශෝකය ප්‍රකාශ කළ අතර, Jiang Zemin මහතාගේ ඥාතීන්ට සාතිශය සංවේගය පළ කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම