ඇමරිකාවේ ක්‍රියාවලිය “ආර්ථික බලහත්කාරයක්” බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-12-05 21:45:36
Share with:

ඇමරිකාවේ ක්‍රියාවලිය “ආර්ථික බලහත්කාරයක්” බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන සමාගම්වල උපකරණ භාවිත නොකරන ලෙසත්, චීනය සමඟ සහයෝගයන් නොපවත්වන ලෙසත් ඇමරිකාව සෙසු රටවලට බල කිරීම  සැබෑම ආර්ථික බලහත්කාරයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවසුවාය.

පසුගිය 2 වැනිදා චීනය පිළිබඳ ඇමරිකානු-යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ සංවාදයේ සිව්වන වටයේදී, ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Wendy Sherman සහ යුරෝපා සංගමයේ බාහිර සේවා කටයුතු පිළිබඳ ලේකම්-ජනරාල් Stefano Sannino, චීනය ඊනියා “ආර්ථික බලහත්කාරකම්” සිදු කරන බවට චෝදනා කළහ. ඒ පිළිබඳව, Mao Ning මහත්මිය කියා සිටියේ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව සහ යුරෝපය මැදිහත්වී චීනය අපකීර්තියට පත් කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි.

ඇමරිකාව සහ යුරෝපය ලෝකයට වැදගත් බලවේග දෙකක් වන අතර, ලෝක ස්ථාවරත්වයට සහ සමෘද්ධියට හිතකර ලෙස වගකීමෙන් යුක්තව කටයුතු කළ යුතු බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම